වෙෙරසයෙන් ආරක්ෂා වීමට මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් මරුට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂා විමට විෂ සහිත මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් පමණ මිය යෑමේ පුවතක් ඉරානයෙන් වාර්තා වෙයි.

 

මෙතනොල් පානය කිරිමෙන් කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට එරට ප්‍රදේශ කිහිපයක පැතිර යන මිත්‍යා මතයක් විශ්වාස කරමින් විශාල පිරිසක් මෙතනොල් පානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෙබරවාරි 20 වනදා සිට අප්‍රේල් 07 වනදා දක්වා කාලය තුළ මෙම මරණ සිදුව ඇති බවට එරට ජාතික මරණ පරික්ෂණ අධිකාරිය පවසා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ පුද්ගලයින් 5011 දෙනෙකු විෂ මෙතනෝල් පානය කර ඇති බවට වාර්තා වන අතර ඉන්  90 දෙනෙකුගේ පමණ ඇස් පෙනීම සම්පුර්ණයෙන්ම නැති වී ඇති බවයි.

ඉරානයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 91,472ක් වාර්තා වන අතර මරණ 5806ක් සිදුව තිබේ.

Read more

Local News