වතුර බාල්දියකට වැටීමෙන් අවුරුදු 2 ක දරුවෙක් මරුට

Share

කොක්කඩිචෝලය පොලිස් වසමේ පංවෙන,උන්නච්චිය ප්‍රදේශයේ දී සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 2 ක කුඩා දරුවෙක් වතුර බාල්දියකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ(28) දහවල් 12 ත් 4 ත් අතර කාලයේ දි මෙම සිදුව ඇතැයි පොලීසිය පවසයි.

දරුවාගේ හිස කොටස පහතට සිටින සේ වැටීම හේතුවෙන් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇතැයි කොක්කඩිචෝලය පොලීසිය ලද තොරතුරු මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 2  ක් වු පාසල පාර, පංවෙන, උන්නච්චිය, කොක්කඩිචෝලය යන ලිපිනයේ පදිංචි පිරිමි දරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලට රැගෙන ගොස් තිබේ.

අද(29) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

කොක්කඩිචෝලය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News