අනුරාධපුර ග්‍රාමසේවා වසම් 13ක සංචරණය සීමා කරන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන්අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 13ක සංචරණය සීමා කළ යුතු බවට පළාත් සෞඛ්‍ය බලධාරින් රජයට යෝජනා ඉදිරිපත් කර තිබේ.

 

කොවිඩ් වෛරසය ආසාදනය නාවික හමුදා සෙබලුන් 09 දෙනෙකු මේ වන විටත් දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ඔවුන් ගමන් කළ ප්‍රදේශ මේ වන විටත් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඊයේ (28) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වු අතර එයින් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා වැඩි විය.

ඒ අනුව ඊයේ දිනය තුළ කෙරෝනා ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබේ.

Read more

Local News