ඊයේ(28) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔවුන්ගෙන් ආසාදිතයින් 21 දෙනෙක් නාවික හමුදාවේ සෙබළුන් බවත්, 6 දෙනෙකු එම නාවිකයින්ගේ සමීපතමයින් වන අතර සෙසු අසාදිතයින් 4 දෙනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.



