පැය 24ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 554ක් අත්අඩංගුවට

Share

අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 159 කි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 41,557 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

වාහන 10,719 ක් සිය භාරයට ගත් බව ද ඔහු සඳහන් කළේ ය.

Read more

Local News