කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පෘතුගාලයට පනවා ඇති හදිසි තත්ත්වය මෙම සති අන්තයේදී අවසන් කෙරෙන බව එරට ජනාධිපති මාසෙලෝ රෙබෙලෝ සූසා පවසයි.
ඒ අනුව සෙනසුරාදා දිනය වන විට එය අවසන් වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙන්නේය.
මේ අතර පෘතුගාලයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 24,322 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 948ක්.




