ප්‍රංශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගත් තීරණය ලිහිල් කරයි

Share

ප්‍රංශය විසින් සිය රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගත් තීරණය ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

 

ඒ අනුව මැයි මස 11 වනදා සිට ප්‍රංශය වෙත පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සීමාවන් ලිහිල් කළ ද ජනතාව විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස දැනුම් දී ඇති අතර මුහුණු ආවරණ පැළදීම ද අනිවාර්ය කර තිබේ.

එරට පාසල් මෙන්ම වෙළඳසැල්ද විවෘත කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

පාසල් සිසුන්ට  මුහුණු ආවරණ පැළද පාසල්වලට පැමිණීම අනිවාර්ය කර ඇති අතර ජුනි මස අවසානය වන විට රට සාමන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවට ප්‍රංශ බලධාරීන් විශ්වාසය පල කරයි.

Read more

Local News