කොරෝනා රෝගීන් ගණන 630 ක් දක්වා ඉහළට

Share

අද(29) රාත්‍රී 8 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ති‍බේ.

 

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 630 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද දිනය තුළ පමණක් කොරෝනා ආසාදියින් 11 දෙනෙක් වාර්තා වී ඇත.

කෙසේ වෙතත් අද දිනය කුළ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලැබු අතර සුවය ලැබු සමස්ත ‍ආසාදිතයින් ගණන 136 ක් දක්වා වැඩි විය.

මේ අතර මේ දක්වා කොවිඩ් -19 ආසාදනය වී ඇති නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 226ක් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන්ගෙන් 147ක් වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සිටි පිරිසවන අතර ඉතිරි 79 දෙනා නිවාඩු ලබා සිටි සාමාජිකයින් බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් අද දිනයේ මුලින්ම වාර්තා වු ආසාදිතයින් ‍තිදෙනාද නාවික සෙබළුන් බව අනාවරණය වී තිබේ.

අද වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read more

Local News