පසුගිය දෙසැම්බර් 09දා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 73ක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 148 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතර ඡන්ද අපේක්ෂකයින් 12දෙනෙකු ද වෙති.
ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 02ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 03ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලසීමාව තුළ දීම මැතිවරණ පැමැණි 07ක් වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.