අමෙරිකාවේ‍ කොවිඩ් මරණ තවදුරටත් ඉහළ යයි

Share

ලොව පුරා වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව තිස් දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

 

වෛරස ආසාදිතයින් තිස් දෙලක්ෂ 17,948 දෙනෙකු ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන අතර ආසාදිතයින් දෙලක්ෂ 28,019 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වැඩිම මරණ සහ ආසාදිතයින් ගණනක් වාර්තා වන අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 28,219 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 2383 දෙනෙකු මියගොස් තිබේ.

එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 63,984 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර මියගොස් ඇති ආසාදිතයින් ගණන 61,649 ක්.

කොවිඩ් නයින්ටින් වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ 24,275 ක්, ඉතාලියේ 27,682 ක්, ප්රංකශයේ 24,087 ක් සහ බ්‍රිතාන්‍යයේ 26,097 ක් ලෙස මරණ වාර්තා වී තිබේ.

Read more

Local News