Z-ඩී ඇළට වැටී අයෙක් මරුට

Share

අරලගංවිල පොලිස් වසමේ බමුණාකොටුව ප්‍රදේශයේ z-ඩී ඇළට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ(29) සවස 3 ට පමණ මෙය සිදුව ඇත.

අරලගංවිල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක් වු වීරාන, අරලගංවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෘත ශරීරය පොලීසිය විසින් ගොඩ ගෙන ඇති අතර, පොලිස් ආරක්ෂාව යටතේ ‍එම ස්ථානයේ තබා ඇත.

අද(30) දින මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News