විනයක් ඇති හමුදාවක් සිටින රටක් ලෙස ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් අතින් කොරෝනා වෛරසය පැතිර යෑමේ හැකියාවක් නැතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමුදාපතිවරයා පවසා සිටියේ, කොවිඩ් ආසාදිතයින් සොයා ගැනීමේ දී හමුදාවේ ඇති විනය හේතුවෙන් තොරතුරු රැස් කර ගැනීම ඉතා පහසු වන බවයි.
ඔවුන් විසින් සැක සහිත ස්ථානයන් පවා දැනුම් දී ඇතැයි ද කියා සිටි හමුදාපතිවරයා, බුද්ධි අංශ යොදවා මේ වන විට සියලු තොරතුරු සොයා ගෙන ඇතැයි ද කියා සිටියේය.
කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරසය පැතිර යෑම මර්දනයට ගත හැකි සියලු පියවර ගෙන ඇතැයි ද පැවසු යුද හමුදාපතිවරයා, ඇතැම් තොරතුරු වාර්තා වී ඇති සැක සහිත රෝගීන් සෞඛ්‍ය හේතුන් මත නිවෙස් තුළම රඳවා ඇති බවයි.
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම මත එවැනි තිරණ ගෙන ඇති බවත් එසේ සිදු කරනු ලබන්නේ ජනතාවගේ පහසුව උදෙසා වන බවත් යුද හමුදාපතිවරයා, ආසාදිතයින් සොයා ගැනීමට බුද්ධි අංශ කල් ගන්නේ නැතැයි ද පැවසීය.
මේ මොහොතේ ත්‍රිවිධ හමුදාවම එකට එක්ව කටයුතු කරන බවත් පැවසු ඒ මහතා, කිසි විටෙකත් රෝගය පැතිර යෑමට ඉඩ නොදෙන බවත් කියා සිටියේය.
ඊයේ දිනය වන විට ආසාදිතයින් 649 දෙනෙක් වාර්තා වු අතර සුවය ලැබු ගණන 136 ක් වෙයි.
ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 30 දෙනෙක් වාර්තා වු අතර, ඉන් 22 ක් නාවික සෙබළුන් බව තහවුරු වී තිබේ.



