දිවයින පුරා සිටින ඩ්‍රෝන ක්‍රියාකරුවන්ගේ දත්ත රැස් කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
ඒ පවතින තත්ත්වය තුළ වෛද්‍ය සැපයුම් ප්‍රවාහනය සඳහා එම යානා යොදා ගැනීම අරමුණු කර ගනිමිනි.
මේ වන විට ඩ්‍රෝන ක්‍රියාකරුවන් 450 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචිවී ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.
ඒ අනුව දිවයින පුරා සිටින සියලු ඩ්‍රෝන ක්‍රියාකරුවන් වහාම ලියාපදිංචි විය යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ය.



