ඉන්දීය සංක්‍රාන්තිකයින්ගෙන් මෝදිට ලිපියක්

Share

ඇදිරි නීතිය පැනවීමත් සමඟ සිය දෛනික කාර්යයන් අඩපණ වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී ඇති බව ඉන්දීය සංක්‍රාන්තිකයින් පවසයි.

 

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව මසකට රුපියල් 3000 ක දීමනාවක් තමන් වෙත ලබාදෙන ලෙස ඉන්දීය සංක්‍රාන්තික ප්‍රජාව අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රට පුරා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් සිය දෛනික කාර්යයන් සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට මුහුණ පා ඇති බව සිය ලිපිය මගින් ඔවුන් පෙන්වාදී ඇත.

මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයින් 33,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 1079 ක් සිදුව තිබේ.

Read more

Local News