බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් වරක් පිය පදවිය ලබා තිබේ.
කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ සහකාරිය පුතෙකු බිහිකර තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ, ලන්ඩන් නුවර රෝහලකදී දරු උපත සිදුව ඇති අතර බිළිඳා සහ මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
අවිවාහක වුවද දිගු කාලයක් තිස්සේ එක්ව වෙසෙන ජොන්සන් යුවළ, සිය ප්‍රථම දරු උපත අපේක්ෂාවෙන් පසුවන බව පසුගිය පෙබරවාරි මාසයේදී අනාවරණය කළේය.
අගමැති ජොන්සන් කොවිඩ් ආසාදිතවීමෙන් පසු ඔහුගේ සහකාරිය වූ කෙරී සින්ඩි ද කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවට සදහන් විය.
කෙසේ නමුත් 32 හැවිරිදි ඇයගේ රෝගී තත්ත්වය අසාධ්‍ය වුයේ නැත.
ජොන්සන්ට පළමුවැනි විවාහයෙන් දරුවන් සිවුදෙනෙකු සිටින අතර ඔහු 2018 වසරේදී සිය බිරිඳගෙන් දික්කසාද වී තිබුණි.




