කොරෝනා මර්දනයට කැපවෙන ජනතාවට උත්තමාචාරය – අගමැති

Share

මෙවර කම්කරු දිනයේදී කොරෝනා වසංගතයට එරෙහිව සටනක නිරත වන සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරීන් ඇතුලු සියලු කේෂත්‍රවල වැඩකරන ජනතාවට උත්තමාචාරය පිරිනැමිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

ඒ, ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිඩුයක් නිකුත් කරමින් ය.

මෙවර කම්කරු ජනතාවගේ ශක්තිය මෙන්ම එකමුතුකම, පෙළපාලී සහ රැස්වීම්වලින් තොරව ප්‍රදර්ශනය කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොරෝනා දුරලීමට සටන්වදින පුද්ගලයින්ට වැඩ කරන ජනතාව සහාය දිය යුතු ය.

මෙතෙක් ලොව පිළිගත් විවෘත ආර්ථිකය කොරෝනා වසංගතයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බවත් ලංකාවේ ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතු බවට වන පාඩමක් කියා දී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Read more

Local News