කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ජීවනෝපාය මාර්ග අහිමි වී සිටින පුද්ගලයින්ට කම්කරු දෙපාර්තමේන්තුව වෙත සිය ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
විදෙස්ගතව සිටින ශ්‍රමිකයන්ට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 යන දුරකථන අංකයට සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා සදහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙ බව පැවසීය.



