දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන හා සම්බන්ධ වරදකරුවන්ට වසර 10ට නොඅඩු සිරදඞුවම්

Share

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

 

මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කළේය.

අද (01) පස්වරුවේ කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විනය හා කල්ක්‍රියාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

මේ අතර මෙම සිද්ධියට වරදකරුවන් වන පුද්ගලයින්ට වසර 10ට නොඅඩු සිරදඞුවමක් ලබාදිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read more

Local News