කොළඹ නගරය තුළින් හදුනාගත් කොවිඩ් ආසාදිතයින් ආශ්‍රය කළ දෙවන පෙළ කණ්ඩායම් ද පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සහ සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු පිළිබදව අදහස් දක්වමින් වෛද්‍ය රුවන් විජේමුණි මහතා මෙම අදහස් පල කළේය.
මේ අතර නාරාහේන්පිට මහජන පොල ආශ්‍රිත ජනතාවගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරිමට පියවර ගෙන ඇති බව ද වෛද්‍ය රුවන් විජේමුණි මහතා මෙහිදි පැවසීය.



