ඔස්ට්‍රේලියාවේ පිල්බාරා ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදුණු අදාළ පුද්ගලයා විසින් එම සංකීර්ණයේ සිටි පිරිසකට තියුණු ආයුධයකින් පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදි පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තත්ත්වය මැඩපැවැත්වීම සදහා එම ස්ථානයට පැමිණි පොලීසිය විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඔහු කුමන හේතුවක් මත මෙම පහරදීම් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.




