පසුගියදාට යෙදී තිබූ මිහිතල දිනය වෙනුවෙන් චීනයේ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් අපූරු විලාසිතාවක් නිර්මාණය කර තිබුණි.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය සමඟ ලොව රටවල් රැසක් අගුලු දමා ඇති පසුබිමක මෙවර මිහිතල දිනය සැමරුවේය.
මිහිතල දිනය නිමිත්තෙන් චීන ජාතික කලාකාරිනියක් නිර්මාණය කර තිබූ විලාසිතාවකට ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුවී තිබේ.
මෙම විලාසිතාව නිර්මාණය කර තිබුණේ ප්ලාස්ටික්වලින් නිමැවූ දැවැන්ත රෝසමල් අටක් භාවිතා කරමින්.
ඇඳුමේ සැකිල්ල විදුලි රැහැන් වලින් නිර්මාණය කර තිබුණි.
“ආදරය” සංකේතවත් කරමින් මේ නිර්මාණය සඳහා රෝසමල් භාවිතා කළ බව නිර්මාණ ශිල්පිනිය පැවසුවේය.
පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය ලබාගැනීම මෙහි අරමුණ වී තිබේ.
මෙම ශිල්පිනිය මේ වසරේ මුලදී ” නිල් ගුවනේ විශාල මුහුණු ආවරණය” යන තේමාවට අනුව තවත් ඇඳුම් විලාසිතා දෙකක් නිර්මාණය කර තිබුණි.
එක් ඇඳුමක් නිමවා තිබුණේ නිල් පැහැති ශල්‍ය මුහුණු ආවරණවලින් සැරසූ මංගල ඇඳුමක ආකාරයෙන්.
කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සටන්වැදීම සිහිපත් කරමින් එය නිර්මාණය කර තිබූ බව සඳහන්.




