මෙරට ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වන කොළඔ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනය වන විට වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 158 ක්.
කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති සෙසු දිස්ත්‍රික්ක වන කළුතරින් ආසාදිතයන් 65 ක්ද , ගම්පහෙන් 52 ක් සහ පුත්තලමෙන් 41 ක්ද වාර්තා වි තිබුණි.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් තිදෙනකු පසුගිය(30) දින හඳුනාගත් ගැනිමත් සමග එහි මුළු ආසාදිතයින් ගණන 23 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනකු ඊයේ(01) දිනයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගියේය.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය අතර මේ වන විට සුවය ලැබු පිරිස 162 ක්.
පුර්ණ සුවය ලබා රෝහල්වලින් දිනක් තුළ පිටව ගිය වැඩිම පිරිස මෙය වන අතර එම 18 දෙනාගෙන් හත් දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන්ද , වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්තායෙන් තවත් හත් දෙනෙක් ද , ඉරණවිල පිහිටුවු කොවිඩ් නයින්ටීන් ප්‍රතිකාර මධ්‍යස්තානයෙන් තවත් සිව් දෙනෙක්ද පිටව ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 521 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන හතක පසුවන බවයි.



