කම්හලක සේවකයින් දෙදෙනෙකුගේ ආරවුලකින් එක් අයෙක් මරුට

Share

වෙන්නප්පුව පොලිස් වසමේ හලාවත පාර, වයික්කාල ප්‍රදේශයේ පිහිටි උළු කම්හලක සේවකයින් දෙදෙනෙක් අතර ආරවුලක් හට ගෙන තිබේ.

 

පසුව එම තත්ත්වය දුරදිග යෑමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පිහියකින් ඇණ ඝාතනය කර ඇති බවට වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42 ක් වු වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් මත සිදු කර ඇති බව ‍පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 40 ක් වන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News