පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට

Share

ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි.

 

රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී පෙරවරු 10.00 ට එම සාකච්ඡාව ආරම්භ වනු ඇති.

අද පෙරවරු 11.00 ට පමණ පක්ෂ ලේකම්වරුන් ද මැතිවරණ කොමිසමට කැඳවා ඇත.

ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නායකයින් අතර පසුගිය 21 වැනි දා ද මෙවැනි හමුවක් පැවැත්විය.

අද මෙම රැස්වීම පැවැත්වෙන්නේ එදින ගනු ලැබු තීරණයකට අනුවයි.

Read more

Local News