13 ශ්‍රේණියේ සිසුන් සඳහා පළමුව පාසල් ආරම්භ කිරීමේ සැළසුමක්

Share

පාසල් යළි ආරම්භ කිරීම සඳහා දින නියම කිරීමෙන් පසු අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය සකස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කර ඇති බවයි.

ඉදිරි දින කිහිපයේදී ඌව සහ මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනු ඇති.

පාසල් ආරම්භ කිරීමට පෙර ත්‍රිවිධ හමුදා සහ සෞඛ්‍ය අංශවල සහයෙන් විෂබීජහරණ කටයුතු මෙන්ම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

මේ අතර පළමුව 13 වැනි ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා සඳහන් කළේ ය.

Read more

Local News