මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිරෝධායනයට වෙනම මධ්‍යස්ථානයක්

Share

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිරෝධායනය සඳහා වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයින්ගේ දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි පසුගිය දා සෞඛ්‍ය අංශ අනාවරණය කළේ ය.

ඉන් වැඩි පිරිසක් දිවි ගෙවන්නේ කොරෝනා අවදානම් කලාපවලය.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 63,000 ක් පමණ දිවි ගෙවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පැවසීය.

Read more

Local News