භාණ්ඩ බෙදාහැරීමේ ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ලබන සඳුදාට

Share

භාණ්ඩ බෙදාහැරීමේ සමාගම් නියෝජිතයින් සහ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය අතර හමුවක් ලබන සඳුදා (04) පැවැත්වේ.

 

ඒ, පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේදීය.

පවතින තත්ත්වය හමුවේ භාණ්ඩ බෙදාහැරීමේදී ඇතිවන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම එම හමුවේ අරමුණවේ.

මේ අතර ලබන සතියේ සිට දිනපතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවට කැඳවා ඇත.

ඒ, අදාළ ආයතන සම්බන්ධයෙන් මාර්ගෝපදේශන සකස් කිරීමේ ක්‍රියාවලියට අදාළ සැළසුම් සකස් කිරීම සඳහායි.

Read more

Local News