වැඩි මිලට පොහොර අලෙවි කරන බවට ලැබෙන පැමිණිලි ඉහළට

Share

සහනාධාර  පොහොර අලෙවි කිරිමේ පොහොර නියෝජිතයින් විසින්  නියමිත මිලට වඩා වැඩි මිලට පොහොර අලෙවි කරන බවට ලැබෙන පැමිණිලිවල ඉහලයාමක් ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

 

සහනාධාර පොහොර සම්බන්ධව සිදු කරනු ලබන සියළුම වැරදි සඳහා පොදු දේපල පනත යටතේ දඩුවම් කළ හැකි වරදක් බව එම ලේකම් කාර්යාලය සඳහන් කළේය.

වී වගාව හැර වෙනත් වගාවන් සඳහා නිකුත් කරන සහනාධාර පොහොර කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 1000ක් ලෙසත් මිශ්‍ර පොහොර කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 1150ක්  ලෙසත් රජය විසින් මිලක් ලබා දී ඇති බවයි.

Read more

Local News