බටහිර වෙනිසියුලාවේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් රැඳවුවන් 17 දෙනෙකු මියගොස් තිබේ.
ගැටුමෙන් 9දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තුවාල ලැබූවන් අතර එම බන්ධනාගාරයේ අධ්යක්ෂවරයා ද සිටින බව වාර්තා වෙයි.
සිරකරුවන් විසින් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී ඇති අතර එහි දි බන්ධනාගාර නිලධාරින් හා රැදවුවන් අතර ගැටුමක් හටගෙන තිබේ.
මෙම බන්ධනාගාරයේ රැඳවුවන් 750කට පමණක් පහසුකම් පවතින අතර දැනට එහි රැදවුවන් 2500 ක් සිටින බව විදෙස් වාර්තාවල දැක්වෙයි.




