බංග්ලාදේශයට ලකුණු 163ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන එක්දින තරඟය අද (19) පැවැත්වුණි.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමය ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් අතර පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 320ක් රැස් කර ගැනීමට ඔවුන් සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තමීම් ඉක්බාල් ලකුණු 84 ක් සහ ශකීබ් අල් හසන් ලකුණූ 67 කට දැවී ගියේය.

තිසර පෙරේරා පන්දුවාර 9කදී ලකුණු 60කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

321ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනාම දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 157ක් පමණි. ඒ පන්දු වාර 32 පන්දු 2කදි ය.

බංග්ලාදේශ කණ්ඩායමට 163ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට හැකි විය. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟයකදී වැඩිම ලකුණු ප්‍රමාණයකින් ජය ගත් මෙය ඉතිහාසයට ද එක්වෙයි.

Exit mobile version