වසාදමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන ඇතුළු සියලු අධ්‍යයන ආයතනයන්හි ඩෙංගු මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
පාසල් ඇතුළු අනෙකුත් අධ්‍යයන ආයතන නැවත ආරම්භ කිරීමට පෙර මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා අදාල ආයතනයන්හි සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, මුරකරු සහ සෙසු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ඒ සඳහා වගකීම් පවරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව පාසල් සංවර්ධන සමිති හා ආදිශිෂ්‍ය සංගම්වල සහාය ඒ සඳහා ලබාගැනීමට කටයුතු කරන ලෙසත් සියලු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.



