පෞද්ගලික බස් රථ හිමියන් රජයෙන් ඉල්ලීමක් කරයි

Share

සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කිරිම මඟින් මගීන්ගේ දුරස්තභාවය ආරක්ෂා කර ගත නොහැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

 

ඔහු පවසන්නේ මගීන්ගේ දුරස්තභාවය ආරක්ෂා කර ගනිමින් ධාවනය කිරිමට තම සංගමය ද සුදානම් බවයි.

ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදු කළේ එහිදී සිදුවන පිරිවැය පියවා ගැනිම සඳහා බව ගැමුණු විජේරත්න මහතා පවසයි.

‍මේ අතර සේවා ස්ථානයට පැමිණෙන වේලාව හා පිටව යන වේලාව අනුව ඒ ඒ ආයතනවලින් ලැයිස්තුවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දීමක් කරයි.

Read more

Local News