කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිම සඳහා අද(03) සිට විශේෂ ගුවන් වාර 04ක් ක්‍රියාත්මක වෙයි.
බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිම මෙහිදී සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.
ඒ අනුව අද අළුයම ලන්ඩන් නුවර බලා විශේෂ ගුවන් යානයක් පිටත්ව ගිය බව අප වාර්තාකරු සඳහන් කළේය.
ශ්‍රී ලාංකිකයින් 250 දෙනෙකු පමණ රැගෙන එම යානය අද මධ්‍යම රාත්‍රියේ දී යළි මෙරටට පැමිණිමට නියමිතයි.
හෙට(04) සහ අනිද්දා(05) ලන්ඩන් නුවරට තවත් ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා ලබන 08 වනදා විශේෂ ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.



