නිරෝධායනය සඳහා යොමු කළ තවත් පුද්ගලයින් 84 දෙනෙකු නිරෝධායන කාලසීමාව නිමාවෙන් පසු සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
පිටත්ව ගිය පිරිස පූනානි සහ වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානවල දින 21ක් නිරෝධායනයට ලක්වූ පිරිසක් බව යුද හමුදාව සඳහන් කළේය.
ඔවුන් නිරෝධායනයෙන් පසු පී.සී.ආර් පරික්ෂණවලට ද භාජනය කිරිමෙන් අනතුරුව නිවෙස් වෙත පිටත් කර තිබේ.
ඒ අනුව මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 4903 දෙනෙකු නිරෝධායන කාලසීමාව නිමාවිමෙන් පසු පිටව ගොස් ඇති බව යුද හමුදාව සඳහන් කළේය.
තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 36ක පුද්ගලයින් 4581දෙනෙකු නිරෝධායනය වෙයි.



