බොරළුගොඩ ආයෝජන කලාපයේ කසල අංගනයේ ගින්නක්

Share

හොරණ පොලිස් වසමේ හොරණ ප්‍රාදේශීය සභාවට අයත් බොරළුගොඩ ආ‍යෝජන කලාපයේ වගවත්ත කොටසේ පවත්වා ගෙන ගිය කසල අංගනයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

 

ඊයේ(02) රාත්‍රී 9 ට පමණ මෙම ගින්න ඇතිව තිබේ.

හොරණ පොලීසියට ලද ‍‍තොරතුරක් මත හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ ගෙන්වා ගින්න මැඩ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැත.

හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News