නිවාඩු ලබා නිවෙස් වෙත ගිය නාවික හමුදා සමාජිකයින් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් දත්ත රැස් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, නාවික හමුදා සමාජිකයින් වැඩි පිරිසකට කොරෝනා අසාදනය වීම හේතුවෙන් එම පියවර ගත් බවය.
කොරෝනා ආසාදිතයින් 172 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබේ.
සැක සහිත 179 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.



