වෙසක් පෝයට සමගාමීව සිරකරුවන් පිරිසක් නිදහස කරයි

Share

දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් නීති 33 කට අදාළ වැරදිවලට සම්බන්ධ නොමැති සිරකරුවන්ට සහන ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

එහි කොමසාරිස් ජනරාල් එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කළේ, වෙසක් පොහොයට සමගාමීව එය සිදු කිරීමට සැළසුම් කර ඇති බවය.

ඒ අනුව අදාළ නීති 33 ට යටත් නොවන අවුරුදු 65 ට වැඩි සියලු සිරකරුවන් නිදහස් කරනු ඇති.

ඊට අමතරව පසුගිය අප්‍රේල් 07 වැනි දා දක්වා දඩ ගෙවා ගැනීමට නොහැකිව සිටි සිරකරුවන් නිදහස් කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, තව ත් සිරකරුවන් පිරිසකට වසරකට දින 07 ක සමාවක් ලබා දෙන බවයි.

Read more

Local News