මධ්‍යස්ථාන 37 ක පුද්ගලයින් 4505 ක් නිරෝධායනයට

Share

මධ්‍යස්ථාන 37 ක පුද්ගලයින් 4505 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාව පවසයි.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, පුද්ගලයින් 4950 දෙනෙකු පමණ නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවය.

පුද්ගලයින් 07 දෙනෙකු අදත් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව යන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

පුද්ගලයින් 4110 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Read more

Local News