ඇඳිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිව්දෙනෙක් අද(03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලීසිය පැවසිය.
ලොරි රථයකින් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හිතවතුන් යැයි පවසෙන තවත් තිදෙනා අද දින පස්වරු 1 ට පමණ මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොල පසු කර යාමට ලොරි රථය ධාවනය කිරීමේදි එම පොලිස් මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් ලොරි රථය පරික්ෂා කිරීමේදි එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇඳිරි නිති බලපත්‍රයක් නොමැති බවට තහවුරු විමෙන් පසු ලොරි රථයේ ගමන් ගත් සියළු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කොවිඩ්-19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමඟ පුජනිය ස්ථාන වැද පුදා ගැනීමට යාම සෞඛ්‍යය අංශ විසින් තහනම් කර ඇති අතර, ශ්‍රි පාදස්ථානයටද හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට ගමන් කිරීම නල්ලතන්නිය පොලිසිය විසින් පවත්වා වසංගත තත්ත්වය මත තාවකාලිකව නතර කර ඇත.
සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුව් සිව්දෙනා ගමන් ගත් ලොරි රථයේ තිබි ගමන් මළු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඇඳිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ තවත් සිව්දෙනෙක් අකුරැස්සේ සිට මස්කෙලිය දක්වා ආරක්ෂක අංශවල අවධානය යොමු නොවි පැමිණ ඇති බව මස්කෙලිය පොලීසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



