කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව වසා දැමුණු ඉරානයේ ආගමික දේවස්ථාන කිහිපයක් යළි විවෘත කිරිමට තීරණය කර තිබේ.
වෛරස ව්‍යාප්තියේ අඩු බලපෑමක් එල්ල වී ඇති ප්‍රදේශවල දේවස්ථාන මෙලෙස විවෘත කිරිමට ඉරාන ජනාධිපති හසන් රවුහානි අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වෛරස ව්‍යාප්තියේ ඉහල බලපෑමට ලක්වූ රටක් ලෙස ඉරානයේ මේ දක්වා ආසාදිතයින් 96,448 දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 6156ක් වෙයි.
පසුගිය මාර්තු මාසයේ ඉරානය තුළ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය ආරම්භවිමත් සමග එරට දේවස්ථාන තාවකාලික වසාදැමිමට පියවර ගැණුනි.




