ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1688ක්

Share

ඊයේත් වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ අමෙරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 29,555ක් ලෙසයි.

 

ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ මරණ ගණන 1,688 ක්.

ඒ සමස්ත මරණ සංඛ්‍යාව 67,441දක්වා ඉහළ දමමින්ය.

දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රීඩා  සහ එළිමහන් ක්‍රියාකාරකම් වල යෙදෙමින් ජනතාව කාලය ගත කරන ආකාරය මේ දිනවල ස්පාඤ්ඤය පුරා දැකගත හැකියි.

එරට වැසියන්ට මහත් අස්වැසිල්ලක් ගෙන දෙමින් ආසාදිතයන් වෙනුවෙන් තාවකාලිකව ඉදිකළ රෝහල් මේ වනවිට වැසී යමින් පවතින අතර මේ එවැනි එක් රෝහලකින් නික්ම ගිය අවසන් රෝගින්ට මතකයෙන් නොගිලිහෙන සමුගැන්මක් ලබාදුනි.

Read more

Local News