ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟය අද (21) පැවැත්වෙයි.
ඒ අනුව 10.30 සිට සජීවීව පන්දුවෙන් පන්දුවට තරඟය නැරඹීමට සියත ටීවී හා එක්වන්න.
අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරඟයක් වෙයි.
මේ වන විට තරඟ තුනක් පැවැත්වුණ අතර පළමු තරඟය බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරින් බංග්ලාදේශ කණ්ඩායම ජය වාර්තා කළ අතර, දෙවන තරඟය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරින් සිම්බාබ්වේ කණ්ඩායමට ජය හිමි විය. තෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර පැවැත්වුණු අතර ඉන් ජය හිමි වුයේ බංග්ලාදේශය කණ්ඩායමටයි.