දුම්රිය මැදිරි සියල්ල අලුත් වැඩියා කිරිමට අවසර ඉල්ලයි

Share

මෙරට ඇති දුම්රිය මැදිරි සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අලුත් වැඩියා කිරිමට අවසර ඉල්ලා  ඉදිරි සතිය තුළ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කරන බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

රත්මලාන ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල අමාත්‍ය මහින්ද මරවිර මහතා ඊයේ පස්වරුවේ රත්මලාන දුම්රිය අංගනයට පැමිණියේය.

එහිදි දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයට දුම්රිය දෙපාර්මේන්තුව මැදිහත්විය යුතු අකාරය සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවකද නිරත වුණි.

Read more

Local News