2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා නිලධාරීයකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.
පොළොන්නරුව ප්‍රදේශයේදී කොවිඩ් – 19 ආසාධිතයෙකු වශයෙන් හඳුනාගත් පළමු නාවික හමුදා නිලධාරීයා සමීපව ඇසුරුකල වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයෙකු PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් – 19 ආසාධනය වී ඇති බව පසුගිය අප්‍රේල් මස 23 වන දින හදුනා ගෙන ඇත.
පසුව ඔහු ප්‍රතිකාර සඳහා එදිනම මුල්ලේරියාව රෝහල වෙත යොමු කරන ලද අතර, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර වරින් වර සිදු කල PCR පරීක්ෂණ තුනක ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා ඊයේ(04) රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙම නාවික හමුදා පුද්ගලයාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.



