මස්කෙළිය පොලිස් වසමේ ගාඩ්මෝර් නිව් ෆොග්මෝර් වතුයායේ ශ්‍රීපාද රක්ෂිතයට ආසන්නයේ කළු ගල් තලාවක විශාල පාද සටහන් දෙකක් හමුවී අැත. ඒ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස මස්කෙළිය පොලීසිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මාඋස්සා කැලේ ජලාශයට ඉහළින් පිහිටි මෙම ගල් තලාව මත අඟල් තුනක පමණ ගැඹූරට කිඳා බැස තිබෙන පාද සටහන් දිගින් අඩි 1 1/2 ක් පමණද පළලින් අඩි 1/2 ක් පමණද වන බව පොලීසිය පවසයි. ප්‍රදේශවාසීන් එය කහ වතුරෙන් දෝවනය කර පුද පූජා පැවැත්වීමට පටන් ගෙන තිබේ.
ගල්තලාව මත ඇති පාද සටහන් අතරින් දකුණු පාද සටහන ඉතා හොඳින් දිස්වන අතර වම් පාදයේ සලකුණු තරමක් මැකී ගොස් ඇත.