කාබුල් ‘ඉන්ටකොන්ටිනෙන්ටල්’ හෝටලය ආරක්ෂක හමුදාව මුදා ගනීයි

Share

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් වට කරනු ලැබ තිබුණ සුඛෝපභෝගී හෝටලයක් වන කාබුල් අගනුවර පිහිටි ‘ඉන්ටර්කොන්ටිනෙන්ටල්’ හෝටලය පැය දොළහක පමණ කාලයක් ගත වු පසුව මුදාගත් බව ආරක්ෂක හමුදාව පවසයි.

හෝටලය බේරා ගැනීමේ මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන් හය දෙනකු මරණයට පත් වූ බව ඇෆ්ඝන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. මරණයට පත්වූවන් අතර විදේශීය කාන්තාවක් සහ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු ද වෙති.

හෝටලය මුදාගැනීමට රාත්‍රිය මුළුල්ලේ සිදු කෙරුණ සටනින් 160 ක පමණ පිරිසක් මුදා ගනු ලැබ ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීමක් භාරගෙන නොමැති අතර, 2011 වසරේදීද මෙම හෝටලයට තලේබාන් ප්‍රහාරයක් එල්ල විය.

Read more

Local News