රාජිතට ඇප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව හෙට

Share

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව හෙට (13) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

 

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාවිසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අදාල පෙත්සමෙන් පෙන්වාදී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජිත සේනාරත්න මහතා අධිකරණය මඟහැර කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුට ඇප ප්‍රදානය කිරීමේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් සැලකිල්ලට ලක් නොකළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ වෛද්‍ය වාර්තා නිසිපරිදි කැඳවා විමර්ශනයක් සිදුකිරීමට අපොහොසත් වූ බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් පෙන්වා දී ඇත.

Read more

Local News