කොරෝනා ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 52 ක් මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.
මේ අතර මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 28 දෙනෙකු අද (12) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
මෙම නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පළමු කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මෙලෙස අද ඉන් පිටත්ව යන ලද අතර, මෙම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් කටයුතු කර තිබේ.
මේ වන විට බොහෝ පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථන වෙතින් පිටව ගොස් ඇති අතර, තවදුරටත් මන්නාරම, නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 22 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.



