කෘතිම මත්ද්‍රව්‍ය පැකට් 08 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (21) ත්‍රිකුණාමලය, පාලියුත්තු ප්‍රදේශයේදී  නිතී විරෝධි කෘතිම මත්ද්‍රව්‍ය පැකට් 08 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මත්ද්‍රව්‍ය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ත්‍රිරෝද රථය සහ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Exit mobile version