සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයන්ගේ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර ඇත.
ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක සංවර්ධන අධිකාරිය මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව දැනටමත් අදාල ගාස්තුව ගෙවා ඇති අය හා ආයතන ලබන වසරේ දි එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර තවමත් මේ වසර සදහා අදාල ලියාපදිංචිය අලුත් කර නොමැති පුද්ගලයින් හා ආයතන වලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලුත් කර ගැනීමට හැකිය.
අදාල අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් ඉදිරිපත් කර තිබේ.
සංචාරක ක්ශේත්‍රයේ නවාතැන් පහසුකම් ලබා දෙන ආයතන 2700 ක් පමණ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති අතර සංචාරක මග පෙන්වන්නන්ගේ ඇතුළු සංචාරක ක්ශේත්‍රයේ විවිධ සේවා සපයන පුද්ගලයින් 5400 ක් පමණ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිචි වී ඇත.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ශේත්‍රයේ නියුතුවුවන්ට සහන සැලසීමේ කෙටි කාලීන වැඩපිලිවෙලේ එක් පියවරක් ලෙස මෙම තීරණයට එලැඹි බවයි.



